සැරඳේ පුරසඳ ලෙස සැරඳේ
නුගවෙල මැදි මහ විදුහල් මාතා
සැරඳේ පුරසඳ ලෙස සැරඳේ
හෙළදිව මැදරට සෙංකඩගල පුර
අන්තිම සිංහල රජ දහනේ
සිරිබර මනහර මෙපියස හෙළිකල
නුගවෙල විදුහල් මෑණියනේ...
ඔබ ගුණ සයුරකි ඔබ නැණ පහනකි
අප ජය බිම ඔබ වේ...
නුගවෙල මැදි මහ විදුහල් මාතා
සැරඳේ පුරසඳ ලෙස සැරඳේ...
ඔබ උකුලෙහි නැළවෙන අප සැම එක
දරුවන් බව දනිමූ
රන් සොයුරු දමේ බැදෙමූ...
ගුණයෙන් නුවණින් සතුටින් දියුණට
සැපතට පා නගමූ
අපි නොනැවත පෙරට යමූ
ඔබ නම සමරමු හෙළ විරුවන් ලෙස...//
රට දැය වැඩ වඩමූ
මතු සිරිලක බබළවමු
නුගවෙල මැදි මහ විදුහල් මාතා
සැරඳේ පුරසඳ ලෙස සැරඳේ...
නුගවෙල මැදි මහ විදුහල් මාතා
සැරඳේ පුරසඳ ලෙස සැරඳේ...





