-
- Home
- අපේ පාසල ගැන
- පාසලේ විනය නීති
- දිනපතා පාසලට පැමිණිය යුතුය.
- නොවැලැක්විය හැකි හේතුවක් නිසා පාසල් ඒමට අපොහොසත් වන විට ඒ පිළිබදව ශිෂ්‍ය සටහන් පොතේ මව/පියා භාරකරු ලවා සටහනක් යොදවා ගෙන පන්ති භාර ගුරුභවතාට ඉදිරිපත් කළ යුතුය.
- පාසල් පැමිණීම දුර්වල ළමුන් (80% කට අඩු) ඉහළ වසර වලට උසස් කිරීමක් හෝ රජයේ විභාග වලට ඉදිරිපත් නොකෙරේ.
- පෙරවරු 7.45ට පෙර පාසලට පැමිණිය යුතුය.පමා වී පාසලට පැමිණීමෙන් වැළකිය යුතුය.
- පාසල නිම වීමට පෙර අංශ ප්‍රධානියාගෙන් ලබා ගත් ලිඛිත අවසරයක් නොමැතිව පාසලෙන් පිටව නොයා යුතුය.
- විවේක කාලයට හැර අන් කිසිම අවස්ථාවක පන්තිභාර ගුරුභවතාගේ හෝ විෂය භාර ගුරුභවතාගේ අවසර නොලැබ පන්ති කාමරයෙන් පිටව නොයා යුතුය.
- පන්ති කාමරය තුළ අනවශ්‍ය ශබ්ද කිරීම් හා අවිනීතව හැසිරීම් වලින් වැලකිය යුතුය.
- පන්තියේ ගුරු භවතෙකු නොමැති විට විෂය නායකයින්ගෙන් උපදෙස් පරිදි කාල ඡේදයට අදාල කිසියම් ඉගෙනීමේ කාර්යයක නිරත විය යුතුය.
- පාසල් සීනු නාද කීරීම් පිළිබද විමසිලිමත් වෙමින් ඊට අනුකූලව කටයුතු කළ යුතුය.
- පාසල තුළදී මෙන්ම ඉන් පිටතදීත් ගුරුබවතුන්ට ගරු කළ යුතුය.ඔවුන්ගේ උපදෙස් වලට අවනත විය යුතුය.
- සියලු තැන්හිදීම ශිෂ්‍ය නායක නායිකාවන්ට ගරු කළ යුතුය. ඔවුන්ගේ උපදෙස් වලට අවනත විය යුතුය.
- පසල තුළදී මහ මගද මෙන්ම රථ වාහන වලින් ගමන් කරද්දීත් විනීතව හා ආචාරශීලීව හැසිරිය යුතුය.
- පාසැලට පැමිණෙන හා ඉන් පිටව යන අතර තුරු අනිසි තැන්වල නොරැදිය යුතුය.
- පාසලේත් ආචාර්ය මණ්ඩලයේත් හා තමන්ගේත් ගෞරවයට හානිකර කිසිවක් නොකළ යුතුය. අනුන්ට කිරීමට සහය නොවීය යුතුය.
- පාසල සතු දේපළ (ගොඩනැගිලි, ලී බඩු උපකරණ, පොත් පත් ආදිය) පොදු වස්තු ලෙස සලකා නිතරම ආරක්ෂා කළ යුතුය. ඒවාට හානි පැමිණවීම බරපතල වරදක් ලෙස සැලකේ.
- පාසල් විසින් සංවිධානය කරනු ලබන ශ්‍රමදාන උත්සව, ක්‍රීඩා ශිෂ්‍ය සමිති හා වෙනත් විෂය බාහිර කාර්යයන්ට සක්‍රීයව සහභාගි වෙමින් තම ඉගෙනීමට ඒවායින් ලබා ගත හැකි ප්‍රයෝජන ලබාගත යුතුය.
- පාසල විසින් අනුමත කරනු ලැබ ඇති සේවා සහ පහසුකම් ගාස්තු විභාග ගාස්තු හා වෙනත් ගෙවීම් කලට වේලාවට ගෙවිය යුතුය.
- අවංක බව, සත්‍ය ගරුක බව හා කාරුණික බව වැනි පිළිගත් ආචාරධර්ම පිළිපැදිය යුතුය.
- පාසල විසින් නියම කරනු ලැබ ඇති නිල ඇඳුමින් සැරසි පාසලට පැමිණිය යුතුය. පාසල හා සම්බන්ධ කටයුතු වලට සහභාගි විය යුතුය.
- ශිෂ්‍ය ශිෂ්‍යාවන් තම අවශ්‍යතා හා ප්‍රශ්න ප්‍රථමයෙන්ම පංති භාර ගුරු භවතුන්ට ඉදිරිපත් කළ යුතුය. ඔවුන්ට විදුහල්පති හමු විය හැක්කේ පංති භාර ගුරුභවතුන් විසින් ලිපියක් මගින් යොමු කළහොත් පමණි.
- මෙම විනය නීති එලෙසම පිළිපැදීමට සෑම ශිෂ්‍ය ශිෂ්‍යාවක්ම බැඳී සිටී. ඒවා උල්ලංඝනය කරන්නවුන්ට ඒ පිළිබඳව පරීක්ෂණයකින් පසු දඬුවම් පමණුවනු ලැබේ.
- අස්වීමේ සහතික හා චරිත සහතික ලබා ගැනීමට මෙම සටහන් පොත ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
- පාසල විසින් නියම කරනු ලැබ ඇති නිල ඇඳුමින් සැරසි පාසලට පැමිණිය යුතුය. පාසල හා සම්බන්ධ කටයුතු වලට සහභාගි විය යුතුය.