පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
ගැහුණු ළමුන් සඳහා:-
- කොළරය සහිත ප්‍රමාණවත් තරම් උසැති සුදු ගවුමක් ඇඳ පාසල් කර පටිය පැළඳිය යුතුය.
- කොණ්ඩය දෙකට බෙදා ගොතා සුදු පැහැති රිබන් පටියක් බැඳිය යුතුය.
- විසිතුරු ඇඳුම්,විසිතුරු ආභරණ හෝ සැරසිලි උපකරණ නොපැළඳිය යුතුය.
- සුදු මේස් සමඟ සුදු කැන්වස් සපත්තු පැළඳිය යුතුය.
- පාසල් ලාංඡනය පැළඳිය යුතුය.
- ඉන පටිය තිබිය යුතු නියමිත ස්ථානයේ තිබිය යුතුය.
- අත් ඔරලොසු පලඳින්නේ නම් කළු පටිය සහිත විය යුතුය.මුහුණේ වට ප්‍රමාණය අරය සෙන්ටිමීටර් 1 උපරිම විය යුතුය.
- නියපොතු කොටට කැපිය යුතුය.දික් වු නියපොතු,වර්ණ ගැන්වු නියපොතු ඇතිව පාසලට පැමිණිම තහනම්ය.
6-9 ශ්ර්රේණිවල පිරිමි ළමුන් සඳහා:-
- නිල් පැහැති කොට කලිසම පැළඳිය යුතුය.
- එය දණහිස සීමවේ සිට අගල් 2ක් ඉහළ දක්වා දිග විය යුතුය.
- ඉනට කලිසම තද වනසේ ඇදිය යුතුය.ඉනේ පහළට ඇදීමෙන් වැළකිය යුතුය.
- නව මාදිලියේ විලාසිතා කලිසම්,කමිස ආදිය භාවිතා නොකළ යුතුය.
- සුදු අත්කොට කමිසයේ විද්‍යාලීය ලාංඡනය මසාගෙන තිබිය යුතුය.
- සෑම විටම කමිසය කලිසමට යට කර ඇඳිය යුතුය.
- සුදු පැහැති මේස් සමඟ කළු පැහැති සපත්තු පැළඳිය යුතුය.
- සෙරෙප්පු භාවිතා නොකළ යුතුය.
- පාසල් ලාංඡනය පැළඳිය යුතුය.
- කොණ්ඩය හා රැවුල නිසි ලෙස කැපිය යුතුය.
10-13 ශ්ර්රේණිවල පිරිමි ළමුන් සඳහා:-
- සුදු දිග කලිසම ඇගට නොඇලෙන සේ තිබිය යුතුය.
- පසුපස දකිණින් එක් සාක්කුවක් තිබිය යුතුය.
- උල් සපත්තු නොපැලදිය යුතුය.
- කොණ්ඩය හා රැවුල නිසි ලෙස කැපිය යුතුය.
- පාසල් ලාංඡනය පැළඳිය යුතුය.
- සෙරෙප්පු භාවිතා නොකළ යුතුය.





